අවිශ්ක සුවිශේෂී වාර්තාවක් අභියස; මාවන්,සංගා, මහේලවත් පසු කරයි

Date:

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් නිත්‍ය ආරම්භක පිතිකරුවෙකු වන 23 හැවිරිදි අවිශ්ක ප්‍රනාන්දු පසුගිය දෙවනදා දකුණු අප්‍රිකාවට එරෙහිව වාර්තා කරන ලද සුපිරි ශතකයත් සමග සුවිශේෂී වාර්තාවක් අසලටම පැමිණීමට මේ වන විට සමත්ව තිබෙනවා.

මේ දක්වා ජාත්‍යන්තර එක්දින ඉනිම 24 කට ක්‍රීඩා කර තිබෙන අවිශ්ක ප්‍රනාන්දු රැස්කරගෙන සිටින සමස්ථ ලකුණු සංඛ්‍යාව 946 ක්.

ඒ, 39.42 ක සාර්ථක පිතිකරණ සාමාන්‍යක්ද පවත්වා ගනිමින්. ඊට ශතක 03 ක් සහ අර්ධ ශතක 05 ක් ඇතුළත්.

ඉදිරියේ දී අවිශ්ක ක්‍රීඩා කිරීමට නියමිත එක්දින ඉනිම දෙක තුළ දී ඔහු ලකුණු 54 ක් රැස්කරගැනීමට සමත්වුවහොත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින ලකුණු 1,000 රැස් කළ වේගවත්ම පිතිකරුවා බවට පත්වීමට ඔහුට අවස්ථාව හිමි වනු ඇති.

මේ වන විට එම වාර්තාවට උරුමකම් කියමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම එක්දින ලකුණු දහස රැස්කර ඇති පිතිකරුවා වන්නේ රෝයි ඩයස් මහාතායි.

1985 වර්ෂයේ දී මෙම වාර්තාව ඔහු පිහිටුවීමට සමත් වූ අතර එය සදහා වැය කළ ඉනිම් සංඛ්‍යාව 27 ක්.

එමෙන්ම පසුගිය දෙවනදා අවිශ්ක වාර්තා කළ සිය 03 වන එක්දින ශතකයත් සමග උපුල් තරංගට පසුව ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ශතක තුනක් වාර්තා කිරීමට අවම ඉනිම සංඛ්‍යාවක් වැය කළ පිතිකරුවා බවට පත්වීමට ද ඔහු සමත්වුණා.

ඒ සදහා තරංග වැය කර තිබූ ඉනිම් සංඛ්‍යාව 21 ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගවත්ම එක්දින ශතක තුන වාර්තා කරන ලද පිතිකරුවන් –

08. දිනේශ් චන්දිමාල් – ඉනිම 97 යි
07. කුමාර් සංගක්කාර – ඉනිම 92 යි
06. මාවන් අතපත්තු – ඉනිම 88 යි
05. මහේල ජයවර්ධන – ඉනිම 54 යි
04. කුසල් පෙරේරා – ඉනිම 51 යි
03. ළහිරු තිරිමාන්න – ඉනිම 47 යි
02. අවිශ්ක ප්‍රනාන්දු – ඉනිම 24 යි
01. උපුල් තරංග – ඉනිම 21 යි

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...