බෙයාර්ස්ටව්ගේ ගැටුණු ‘ජාර්වෝ 69’ පොලිස් අත්අඩංගුවට

Date:

Daniel Jarvis හෙවත් Jarvo 69 නමින් ප්‍රසිද්ධියට පත්ව සිටින ක්‍රිකට් ප්‍රේක්ෂකයා අද(3) දිනයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඉන්දියාව හා එංගලන්තය අතර ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද දිනයේ දී ඔහු යළිත් ක්‍රීඩාංගනය තුළට අනවසරයෙන් ඇතුළු වීම හේතුවෙන්.

මෙම ටෙස්ට් තරගාවලියේ දී ඔහු ක්‍රීඩාංගනය තුළට අනවසරයෙන් ඇතුළු වූ තෙවැනි අවස්ථාව මෙයයි.

අද දිනයේ දී එම ප්‍රේක්ෂකයා ඔලී පෝප් පන්දුවට පහර දෙමින් සිටින අතරවාරයේ දී පිටියට පැමිණ ඔහුට පන්දුවක් යොමු කිරීමට උත්සාහ දැරුවා.

එම අවස්ථාවේ දී Jarvo හා පන්දු යවන්නාගේ අන්තයේ සිටි පිතිකරුවා වූ ජොනී බෙයාර්ස්ටව් අතර ගැටීමක් ද සිදු වුණා.

අනතුරුව ක්‍රීඩාංගනයේ ආරක්ෂක නිළධාරීන් විසින් ඔහුව සිය භාරයට ගත් අතර, පසුව පොලිස් අත්අඩංගුවට පත් වුණා.

ඔහු මේ වන විට දකුණු ලන්ඩනයේ පොලිස් ස්ථානයක රැදී සිටින බවත්, පහර දීමේ චෝදනාවක් මත සැකපිට අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවත්, ස්කොට්ලන්ඩ් යාඩ් (Met Police) පොලීසිය නිවේදනය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...