ඉන්දියාව ලකුණු 56ක් පිටුපසින්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලන්ඩන් නුවර “ද ඕවල්” ක්‍රීඩාංගනයේ පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 43ක් රැස් කර සිටියා.

ඒ, දෙවැනි දිනය (3 වනදා) ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු 290ට පිළිතුරු ලෙසින්.

ඉන්දීය දෙවැනි ඉනිම වෙනුවෙන් රෝහිට් ෂර්මා නොදැවී ලකුණු 20ක් හා කේ.එල් රාහුල් නොදැවී ලකුණු 22ක් ලබා සිටිනවා.

එංගලන්ත පළමු ඉනිම ශක්තිමත් කළ ඔලී පෝප් ලකුණු 81ක් ලබා ගත්තේ හතරේ පහර 6ක් සමගින්.

ක්‍රිස් වොක්ස් ලකුණු 50ක් ද, ජොනී බෙයාර්ස්ටව් ලකුණු 37ක් ද, මොයීන් අලී ලකුණු 35ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී උමේෂ් යාදෙව් කඩුලු 3ක් බිද හෙලූ අතර, ජස්ප්‍රිට් බුම්රා හා රවීන්ද්‍ර ජඩේජා අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 191ක් පමණයි.

ඒ අනුව ඉන්දියාව මේ වනවිට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 56ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...