ලෝක ශූර එංගලන්ත වේග පන්දු යවන්නාත් ක්‍රිකට් ගහන්න අමෙරිකාවට

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ලියම් ප්ලන්කට් අමෙරිකා එක්සත් ජනපදය වෙත පිටත්ව යාමට තීරණය කර තිබෙනවා.

මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගාවලියෙන් පසු ඔහු සරේ ප්‍රාන්ත කණ්ඩායමෙන් ඉවත් වීමටයි තීරණය කර ඇත්තේ.

වසර 3ක කාලයක් සරේ කණ්ඩායම නියෝජනය කළ ඔහු 2019 වසරේ ලෝක කුසලානය ජය ගත් එංගලන්ත කණ්ඩායමේ ක්‍රීඩකයෙකු ලෙස ද කටයුතු කළා.

අමෙරිකාවේ පැවැත්වීමට නියමිත Major League Cricket තරගාවලියට ක්‍රීඩා කිරීම සදහායි ප්ලන්කට් මෙලෙස එංගලන්තයෙන් පිටව යන්නේ.

එමෙන්ම Minor League Cricket තරගාවලියේ දී ඔහු Philadelphians කණ්ඩායම ද නියෝජනය කරනු ඇති.

ඔහුගේ බිරිද ද අමෙරිකානු ජාතික කාන්තාවක් වන අතර, තමා අමෙරිකා කණ්ඩායම නියෝජනය කිරීමට වුව සූදානම් බව ප්ලන්කට් මීට පෙර සදහන් කර තිබුණා.

36 හැවිරිදි ලියම් ප්ලන්කට් එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 13කට, එක්දින තරග 89කට හා 20යි 20 තරග 22කට ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු අවසන් වරට එංගලන්ත එක්දින කණ්ඩායම නියෝජනය කර ඇත්තේ 2019 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...