කෝටි දහස් ගණනක මිලක් යටතේ නව IPL කණ්ඩායම් දෙකක් සදහා ලංසු කැදවයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියට ඇතුළත් කිරීමට නියමිත නව කණ්ඩායම් දෙකේ හිමිකාරීත්වය ලබා දීම සදහා ලංසු කැදවීමට තරගාවලි සංවිධායකයින් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව 2022 වසරේ සිට තරගාවලියට එක් වන සියලු කණ්ඩායම් සංඛ්‍යාව 10ක්.

නව කණ්ඩායම් දෙක කේන්ද්‍ර කර ගන්නා නගර දෙක කුමක් දැයි මෙතෙක් තීරණය කර නැතත්, ඒ වෙනුවෙන් මේ වන විට නගර 6ක් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.

අහ්මදාබාද්, ලක්නව්, ගුවහාටි හා කටක් යන නගර ද ඒ අතරට අයත්.

නව කණ්ඩායම් දෙකේ හිමිකාරීත්වය ලබා ගැනීමට අපේක්ෂා කරන පාර්ශව ඔක්තෝබර් 5 වනදා වන විට ටෙන්ඩර් ලේඛනය මිලදී ගත යුතුයි.

එක් කණ්ඩායමක් සදහා වන අවම ලංසු මිල ඉන්දීය රුපියල් කෝටි 2,000ක් පමණ වන බවයි විදෙස් ක්‍රීඩා මාධ්‍ය අනාවරණය කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...