කොළඹ දී අනතුරකට ලක් වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයාගේ තත්ත්වය යහපත් අතට

Date:

පුහුණුවීම් අතරතුර දී පන්දුවක් මුහුණේ වැදීමෙන් අනතුරකට ලක් වූ දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක බෙයුරන් හෙන්ඩ්‍රික්ස්ගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් වී තිබෙනවා.

ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත සීමිත පන්දුවාර තරගාවලි සදහා කොළඹ දී පුහුණුවීම් කටයුතු සිදු කරන අතරතුර දී යි ඔහු මෙම අනතුරට මුහුණ දී ඇත්තේ.

ඩ්වේයන් ප්‍රෙටෝරියස් එල්ල කළ පහරකින් පසු පන්දුව ඔහුගේ ඇසක් ආසන්නයේ ගැටී ඇති බවත්, ඉන් සිදු වූ තුවාලයට මැහුම් 8ක් දැමීමට සිදු වූ බවත් සදහන්.

දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් යුත් එක්දින තරගාවලිය හෙට(2) ආරම්භ වීමට නියමිතව ඇති අතර, අනතුරුව දෙරට අතර තරග 3කින් යුත් 20යි 20 තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...