විලියම්සන් අභිබවා ලොව අංක එකේ පිතිකරු බවට රූට් පත් වෙයි

Date:

නවතම අයි.සී.සී ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි පෙරමුණ යළි හිමි කර ගැනීමට එංගලන්ත නායක ජෝ රූට් සමත්ව තිබෙනවා.

ඒ, ඉන්දියාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දී අඛණ්ඩව දක්වමින් සිටින දක්ෂතා හේතුවෙන්.

රූට් මෙම තරගවලියේ ඉනිම් 5කදී ලකුණු 507ක් රැස් කර ඇත්තේ 126.75ක සාමාන්‍යයක් සටහන් කර ගනිමින්. ඊට ශතක 3ක් ද ඇතුළත්.

ඔහු ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ හිමි කර ගත්තේ වසර 6කට පසුවයි.

රූට් ශ්‍රේණිගත ලකුණු 916කට හිමිකම් කියන අතර, මෙතෙක් පළමු ස්ථානයේ රැදී සිටි නවසීලන්ත නායක කේන් විලයම්සන් මේ වන විට දෙවැනි ස්ථානයේ පසුවන්නේ ශ්‍රේණිගත ලකුණු 901ක් ලබා ගනිමින්.

මේ අතර, ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිට් ෂර්මා ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ, මෙතෙක් 5 වැනි ස්ථානයේ රැදී සිටි නායක විරාට් කෝලි 6 වැනි තැනට ඇද දමමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...