“තරග තුනම ජය ගන්න පුලුවන් කියල විශ්වාසයකින් ඉන්නේ” දසුන් හෙට තරගයට සංයුතියත් පහදයි

Date:

දග පන්දු යවන්නන්ගෙන් වැඩි කඩුලු සංඛ්‍යාවක් ලබා ගත හැකි නම් දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනීම සදහා සිය කණ්ඩායමට පැහැදිලි අවස්ථාවක් පවතින බව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පවසනවා.

තරගාවලියේ වැඩි වාසි ශ්‍රී ලංකාව සතු බවයි අද(1) පැවැති අතථ්‍ය මාධ්‍ය හමුවකදී ඔහු සදහන් කළේ.

හෙට පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගය සදහා පිතිකරුවන් 6 දෙනෙකු සමග ක්‍රීඩා කිරීමට අපේක්ෂා කරන බව ද දසුන් කියා සිටියා.

තුන් ඉරියව් ක්‍රීඩකයින් දෙදෙනෙකු හා ප්‍රධාන පන්දු යවන්නන් තිදෙනෙකු සමගින් කණ්ඩායමේ සංයුතිය සකස් වනු ඇති.

කණ්ඩායම සදහා දග පන්දු යවන්නන් තිදෙනෙකු ක්‍රීඩා කරනු ඇති බව ද හෙතෙම අවධාරණය කළා.

කඩුලු රකින පිතිකරු ලෙස පළමු තරගය සදහා මිනෝද් භානුක හෝ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයින් දෙදෙනාගෙන් එක් අයෙකු ක්‍රීඩා කරනු ඇති බවයි නායක දසුන් ශානක සදහන් කළේ.

“මිනෝද් භානුක ආරාධිත තරගාවලියේ අවසන් තරගයේ දී දක්ෂතා අතරට ආවා. චන්දි අයියත් දිගටම දක්ෂතා අතර හිටියා. ඒ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි; මොකද කුසල් අයියා (කුසල් ජනිත්) තාම කණ්ඩායමට ඇතුළත් වෙලා නැහැ. ඒ දෙන්නගෙන් එක් කෙනෙක් තරගයට අනිවාර්යයෙන් යොදා ගන්න බලාපොරොත්තුවෙනවා.”  යනුවෙන් දසුන් ශානක කියා සිටියා.

“අපේ දග පන්දු බලඇණිය එයාලට වැඩිය උඩින් ඉන්නවා කියලා මට 200%ක සහතිකයක් දෙන්න පුලුවන්. මම අපේ කණ්ඩායමේ ශක්තිය ගැන තමයි විශ්වාස කරන්නේ. දකුණු අප්‍රිකා කණ්ඩායමට වඩා අපේ කණ්ඩායම උඩින් ඉන්නවා කියලා මට හිතෙනවා.”

එක්දින තරගාවලියේ තරග 3ම ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මනා අවස්ථාවක් පවතින බව ද දසුන් මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...