පළමු පන්දුවෙන්ම සුපිරි යෝකරයකින් ඉසුරුට කඩුල්ලක්

Date:

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් හෙවත් CPL තරගාවලියේ දී තවත් සුවිශේෂී පන්දු යැවීමක් ප්‍රදර්ශනය කිරීමට ශ්‍රී ලංකාවේ ඉසුරු උදාන අද(31) සමත් වුණා.

ඒ, ශාන්ත ලුසියා කිංග්ස් කණ්ඩායම හා ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර තරගයේදීයි.

එහිදී නයිට් රයිඩර්ස් පිල වෙනුවෙන් මෙම තරගයේ දී තමා යොමු කළ ප්‍රථම පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමට ශ්‍රී ලංකා හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන සමත්වුණා.

එහිදී දැවී ගියේ කිංග්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු රකීම් කෝන්වෝල්.

කිංග්ස් ඉනිමේ තෙවන පන්දුවාරයේ ප්‍රථම පන්දුවට ඉසුරු උදාන යොමු කළ යෝකර් පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙනුයි ඔහු දැවීගියේ.

මේ වන විට එක් කඩුලු පහේ අවස්ථාවක් ද සමගින් කඩුලු 8 ක් දවාගෙන සිටින ඉසුරු, තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර දෙවැනි ස්ථානයේ ද පසුවනවා.

මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 158 ක්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කිංග්ස් ක්‍රීඩකයින්ට නියමිත පන්දුවාර 20 නිමා කිරීමට සිදු වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 131ක් ලබා සිටියදීයි.

ඒ අනුව නයිට් රයිඩර්ස් පිලට මෙම තරගයෙන් ලකුණු 27ක ජයක් හිමි වූ අතර, ඔවුන් වෙනුවෙන් සුවිශේෂී පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ ඉසුරු උදාන පන්දුවාර 4ක් තුළ ලකුණු 32කට කඩුලු 2ක් දවා ගත්තා.

https://twitter.com/cric12222/status/1432753297077653505

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...