පුහුණුවීම් සදහා වැඩි අවධානයක් යොමු කරමින් දසුන් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කරයි

Date:

පුහුණුවීම් කටයුතු සදහා පිතිකරුවන්ට පන්දු විසිකරන්නන් (throwdown specialists) දෙදෙනෙකු අවශ්‍ය බවට ශ්‍රී ලංකා නායක දසුන් ශානක විසින් ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

එළඹෙන දකුණු අප්‍රිකා සීමිත පන්දුවාර තරගාවලි සදහා සූදානම් වීම වෙනුවෙන් පැයට කිලෝ මීටර් 145කට වැඩි වේගයකින් පන්දු විසිකළ හැකි දෙදෙනෙකු අවශ්‍ය බවටයි ඔහු පෙන්වා දෙන්නේ.

කාගිසෝ රබාඩා හා අන්රිච් නොකියා වැනි පන්දු යවන්නන්ට මුහුණ දීමට එවැනි පන්දු විසිකරන්නන් අවශ්‍ය බව ඔහුගේ අදහසයි.

Sunday Times පුවත්පත වෙත අදහස් දක්වමින් දසුන් ශානක මෙම අදහස් පල කළා.

“මේක ඉතාමත් වැදගත් තරගාවලියක්. සූදානම් වීම තමයි වැදගත්ම.”

“පැයට කිලෝ මීටර් 120 – 140 අතර වේගයෙන් පන්දු යවන මද වේග පන්දු යවන්නන්ට (medium pacers) එරෙහිව පන්දුවට පහර දීමට තමයි අපි පුරුදු වී සිටින්නේ දේශීය තරගාවලියන්හී දී. ඒ වුණාට ජාත්‍යන්තර මට්ටමේ දී අභියෝගය ටිකක් වෙනස්, ගොඩක් අය වේගයෙන් පන්දු යවන ක්‍රීඩකයින්. අපට කළ හැකි එකම දෙය පුහුණුවීම් වලදී එම තත්ත්වයන්ට අනුගත වීමයි. ඒ නිසයි මම එවැනි ඉල්ලීමක් සිදු කළේ. අපි පුහුණුවීම්වලදී හොදින් සූදානම් විය යුතුයි.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...