වනිදුට හා දුෂ්මන්තට IPL යන්න අවසර

Date:

ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට හා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් අවසර ලබා දී ඇති බව වාර්තා වනවා.

වනිදු හසරංග මෙවර IPL තරගාවලියේ ඉතිරි තරග සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් සිය කණ්ඩායම සමග එක් වූ බව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම නිවේදනය කළේ පසුගිය 21 වනදායි.

එම කණ්ඩායම නියෝජනය කළ ඇඩම් සම්පා වෙනුවට ඔහුව ආදේශ කෙරුණු අතර, ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද RCB කණ්ඩායම සමග එක්වුණේ ඩැනියල් සෑම්ස් වෙනුවටයි.

කෙසේ වෙතත්, ඔවුන් දෙදෙනාට අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙතෙක් අවසර ලබා දී තිබුණේ නැහැ.

මෙම වසර මුල පැවැති IPL ක්‍රීඩක වෙන්දේසිය සදහා දුෂ්මන්ත චමීර හා වනිදු හසරංග ඉන්දීය රුපියල් ලක්ෂ 50ක මූලික වටිනාකමක් යටතේ ඉදිරිපත් වූ නමුත්, ඔවුන් දෙදෙනා මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

කෙසේ වෙතත්, මෑතකදී නිමා වූ ඉන්දු – ශ්‍රී ලංකා තරගාවලියේ දී චමීර හා වනිදු දැක් වූ දක්ෂතා හේතුවෙනුයි ඔවුන් සම්බන්ධයෙන් අයි.පී.එල් කණ්ඩායම්වල අවධානය යොමු වුණේ.

අයි.පී.එල් තරගාවලියට අදාළ ජෛව ආරක්ෂිත බුබුල තුළින් කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් පසුගිය මැයි මාසයේ දී අතරමගදී අත්හිටුවීමට සිදු වූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාලියේ ඉතිරි තරග සැප්තැම්බර් 19 වනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

අවසන් මහා තරගය ඔක්තෝබර් 15 වනදා ඩුබායි හී දී පැවැත්වීමට නියමිතව ඇති අතර, ඉන් දින දෙකකට පසුව, එනම් ඔක්තෝබර් 17 වනදායි 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...