වනිදු හා දුෂ්මන්තට IPL අවසන් වටයට අවසර නැහැ

Date:

ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංගට හා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහා අවසර ලබා දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද දහවල් නිල වශයෙන් නිවේදනය කළා.

තාක්ෂණික උපදේශන කමිටුව සමග සාකච්ඡා කර ඒ සදහා අවසර ලබා දුන් බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව ඔවුන් දෙදෙනාට සැප්තැම්බර් 15 වනදා සිට (දකුණු අප්‍රිකා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවසන් වීමෙන් පසු) අයි.පී.එල් කණ්ඩායම් සමග එක් වීමට අවසර ලැබී තිබෙනවා.

කෙසේ වෙතත්, වනිදු හා දුෂ්මන්ත ශ්‍රී ලංකා සංචිතය සමග ලබන ඔක්තෝබර් 10 වනදා එක් වන බව ද ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඒ, අයි.සී.සී පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරග දෙක වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අපේක්ෂාවෙන්.

ඒ අනුව ඔවුන් දෙදෙනා නියෝජනය කරන රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම මෙවර අයි.පී.එල් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබුවහොත්, එම තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව වනිදුට හා දුෂ්මන්තට අහිමි වනු ඇති.

ඊට අමතරව ඔක්තෝබර් මුල පැවැත්වීමට නියමිත 20යි 20 තරග දෙකකින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන තරග සංචාරය සදහා ද ඔවුන්ට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී යනවා.

අයි.පී.එල් තරගාවලියට අදාළ ජෛව ආරක්ෂිත බුබුල තුළින් කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන් පසුගිය මැයි මාසයේ දී අතරමගදී අත්හිටුවීමට සිදු වූ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාලියේ ඉතිරි තරග සැප්තැම්බර් 19 වනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිතයි.

අවසන් මහා තරගය ඔක්තෝබර් 15 වනදා ඩුබායි හී දී පැවැත්වීමට නියමිතව ඇති අතර, ඉන් දින දෙකකට පසුව, එනම් ඔක්තෝබර් 17 වනදායි 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...