දකුණු අප්‍රිකාවට එරෙහිව ශ්‍රී ලංකාවෙන් 23 දෙනෙකුගෙන් යුත් සංචිතයක්; කුසල් 20යි 20ට විතරයි ?

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තරග 3 බැගින් යුත් එක්දින හා 20යි 20 තරගාවලි සදහා ක්‍රීඩකයින් 23 දෙනෙකුගෙන් යුත් සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර ඇති බව වාර්තා වනවා.

මීට පෙර ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කර තිබූ බවට තොරතුරු වාර්තා වී තිබූ අතර, ඉන් ක්‍රීඩකයින් 7 දෙනෙකු ඉවත් කරමින් මෙම අවසන් සංචිතය නම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ආබාධයක් සුව වීමෙන් අනතුරුව කොවිඩ් 19 ආසාදනය වූ කුසල් ජනිත් පෙරේරා 20යි 20 තරගාවලියට පමණක් ක්‍රීඩා කරන බව සදහන්.

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් සංචිතයට දිනේෂ් චන්දිමාල් ද කැදවා තිබෙනවා.

නිමා වූ SLC ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ දී දක්ෂතා දැක් වූ කමිදු මෙන්ඩිස්, ළහිරු මධුෂංක, මහීෂ් තීක්ෂණ හා පුලින තරංග යන ක්‍රීඩකයින් මෙම සංචිතයට ඇතුළත්.

නුවන් ප්‍රදීප් ද සංචිතයේ ස්ථානයක් යළි හිමි කර ගෙන තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන පළමු එක්දින තරගය ලබන දෙවනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය සදහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවීමෙන් අනතුරුව එය නිල වශයෙන් නිවේදනය කරනු ඇති.

Dasun Shanaka (C), Kusal Janith, Avishka Fernando, Bhanuka Rajapaksa, Dhananjaya de Silva, Pathum Nissanka, Charith Asalanka, Kamindu Mendis, Minod Banuka, Dinesh Chandimal, Wanindu Hasaranga, Chamika Karunaratne, Lahiru Madushanka, Dushmantha Chameera, Binura Fernando, Nuwan Pradeep, Lahiru Kumara, Akila Dananjaya, Praveen Jayawickrama, Mahesh Theekshana, Pulina Tharanga, Ramesh Mendis, Ashen Bandara

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...