දකුණු අප්‍රිකා තරගාවලිය අරමුණු කරගනිමින් නම් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් අතර පුහුණු එක්දින තරගයක් අද(29) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩා පිටියේදී පැවැත්වුණා.
දසුන් ශානක නායකත්වය දරන කණ්ඩායමක් සහ ධනංජය ද සිල්වා නායකත්වය දරන කණ්ඩායමක් අතර පැවති මෙම පුහුණු තරගයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වූ අතර, ඒ අනුව තරගයේ එක් ඉනිමක් පන්දුවාර 30කට සීමා කිරීමටයි සිදු වුණේ.
ධනංජය ද සිල්වාගේ කණ්ඩායම මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් අතර පන්දුවාර 28.1 තුළ කඩුලු 6 ක් දැවී ඔවුන් ලකුණු 147ක් ලබා සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
එම කණ්ඩායම වෙනුවෙන් අනර්ඝ ඉනිමක් දියත් කළ වණිඳු හසරංග පන්දු 59 කදී නොදැවී ලකුණු 68 ක් රැස්කිරීමට සමත්වුණා.
මිනෝද් භානුක ලකුණු 21(32) යි. භානුක රාජපක්ෂ හා චාමික කරුණාරත්න ලකුණු 14 බැගින් රැස් කළා.
පන්දු යැවීමේදී ළහිරු මධුෂංක පන්දුවාර 4 ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 9 කට කඩුලු 3 ක් බිඳ හෙලීමට සමත් වීම කැපී පෙනුණා.
අකිල ධනංජය කඩුලු 2 ක් සහ මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක් බිඳ හෙලුවා.
ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව දසුන් ශානකගේ කණ්ඩායමට පන්දුවාර 30 ක් තුළ ජයග්‍රහණය සදහා හිමි වූ ඉලක්කය ලකුණු 165 ක්.
කෙසේ නමුත් එම කණ්ඩායම පන්දුවාර 27 ක් තුළ කඩුලු 9 ක් බිඳ වැටී ලකුණු 128 ක් රැස් කර සිටි අවස්ථාවේදී තරගයට යළි වර්ෂාවෙන් බාධා එල්ල වූ බැවින් ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ තරගයේ ජය ධනංජය ද සිල්වාගේ කණ්ඩායමට හිමි වුණා.
අශේන් බණ්ඩාර පන්දු 46 කදී ලකුණු 40 ක් රැස්කළා. ළහිරු මධුෂංඛ ලකුණු 36(41) යි. අකිල ධනංජය නොදැවී ලකුණු 16(15) ලබාගත්තා.
අනර්ඝ පන්දු යැවීමක නිරත වූ ළහිරු කුමාර පන්දුවාර 4 ක් ක්‍රියාත්මක කරමින් ලකුණු 12 කට බිඳ හෙලූ කඩුලු සංඛ්‍යාව 4 ක්.
පුලින තරංග කඩුලු 2 ක් බිඳ හෙලු අතර බිනුර ප්‍රනාන්දු, රමේශ් මෙන්ඩිස් සහ ප්‍රවීන් ජයවික්‍රම අතරේ එක් කඩුල්ල බැගින් බෙදීගියා.

