ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා තරගාවලියන්හි තරග නිළධාරීන් ප්‍රකාශයට පත් කෙරේ

Date:

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා එක්දින හා 20යි 20 තරගාවලි සදහා වන තරග නිළධාරීන්ගේ නම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව තරග හයේ දී ම තරග තීරකවරයා ලෙස කටයුතු කරන්නේ අයි.සී.සී ප්‍රධාන තරග තීරක රංජන් මඩුගල්ල මහතායි.

විනිසුරුවරුන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් ද තරගාවලි වෙනුවෙන් පත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඒ අනුව කුමාර් ධර්මසේන, රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් හා ප්‍රගීත් රඹුක්වැල්ල යන මහත්වරුන් එක්දින හා 20යි 20 තරගාවලියන්හි විනිසුරුවරුන් ලෙස පත් කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින තරගාවලය ලබන දෙවනදා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන අතර, අනතුරුව තරග 3කින් යුත් 20යි 20 තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...