බංග්ලාදේශයට පැමිණීමෙන් පසු ෆින් ඇලන්ට කොරෝනා

Date:

නවසීලන්ත පිතිකරු ෆින් ඇලන්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඔහු බංග්ලාදේශයේ ඩකා නුවරට පැමිණ පැය 48ක් ගත වීමෙන් පසුවයි ඒ බව අනාවරණය වී ඇත්තේ.

කෙසේ වෙතත්, ෆින් ඇලන් බංග්ලාදේශය බලා පිටත් වීමට පෙර එංගලන්තයේ දී සිදු කළ වෛද්‍ය පරීක්ෂණවලදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගෙන තිබුණේ නැහැ.

ඔහු එංගලන්තයේ පැවැති “ද හන්ඩ්‍රඩ්” තරගාවලියේ දී Birmingham Phoenix කණ්ඩායම නියෝජනය කළ බැවිනුයි ෆින් ඇලන් නවසීලන්ත කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය වෙනුවෙන් එංගලන්තයේ සිට එරටට ළගා වුණේ.

ඒ අනුව ඔහු මේ වන විට හුදෙකලා කිරීමකට ලක් කර අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන බව සදහන්.

සෙසු නවසීලන්ත ක්‍රීඩකයින් ඩකා නුවර දී සිය හෝටල් කාමර තුළ දී ම දින 3ක් නිරෝධායනයට ලක් වීමට නියමිතයි.

මෙම සංචාරයේ දී නවසීලන්තය හා බංග්ලාදේශය අතර 20යි 20 තරග 5ක් පැවැත්වීමට නියමිතව ඇති අතර, පළමු තරගය පැවැත්වෙන්නේ ලබන පළමු වනදායි.

ෆින් ඇලන්ට තරගාවලියට ක්‍රීඩා කළ හැකි දැයි ඉදිරියේ දී තීරණය කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...