ලකුණු 109ක ජයක් සමගින් පාකිස්තානය තරගාවලිය සම කරයි

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පාකිස්තානය අතර පැවැති තරග 2කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 1-1ක් ලෙස සම තත්ත්වයෙන් මෙරට වේලාවෙන් අද(25) අලුයම නිමා වුණා.

ඒ, දෙරට අතර ජැමයිකාවේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් පාකිස්තානය ලකුණු 109ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

දෙවැනි ඉනිමේ දී ලකුණු 329ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කොදෙව්වන්ට තරගයේ අවසන් දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 219ක් පමණයි.

ජේසන් හෝල්ඩර් ලකුණු 47ක්, නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 39ක් හා කයල් මේයර්ස් ලකුණු 32ක් රැස් කළා.

පන්දු යැවීමේ දී යළිත් සුවිශේෂී දක්ෂතාවයක් ප්‍රදර්ශනය කළ ශහීන් ශාහ් අෆ්රිඩි කඩුලු 4ක් දවා ගත්තේ මෙම තරගයේ දී ඔහු බිද හෙලූ සමස්ත කඩුලු ගණන 10ක් දක්වා ඉහළ නංවමින්.

නවුමන් අලී කඩුලු 3ක් හා හසන් අලී කඩුලු 2ක් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 9ක් දැවී ලකුණු 302ක් රැස් කර සිටියදී සිය පළමු ඉනිම අත්හිටු වූ අතර, පිළිතුරු ලෙස කොදෙව් පළමු ඉනිම ලකුණු 150කට සීමා වුණා.

අනතුරුව පාකිස්තානය සිය දෙවැනි ඉනිම අත්හිටු වීමට තීරණය කළේ කඩුලු 6ක් දැවී ලකුණු 176ක් ලබා සිටියදී යි.

තරගයේ හා තරගාවලියේ වීරයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබුවේ ශහීන් ශාහ් අෆ්රිඩි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...