ශහීන් අෆ්රිඩි හා බබාර් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් සිය නවතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අද(25) ප්‍රකාශයට පත් කළා.

ඊට අනුව පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක ශහීන් ශාහ් අෆ්රිඩි පළමු ස්ථාන 10 තුළට පැමිණ තිබීම විශේෂත්වයක්.

ඒ, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන්.

එම තරගයේ දී කඩුලු 10ක් දවා ගත් අෆ්රිඩි ස්ථාන 10කින් ඉදිරියට පැමිණෙමින් මේ වන විට පන්දු යවන්නන් අතර රැදී සිටින්නේ 8 වැනි ස්ථානයේ යි.

 

මේ අතර, ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට පාකිස්තාන නායක බබාර් අසාම් සමත්ව තිබෙනවා.

ඒ අනුව ඔහු මේ වන විට 7 වැනි ස්ථානයේ රැදී සිටින්නේ මෙතෙක් එම ස්ථානයේ පසු වූ රිෂාබ් පාන්ට් 8 වැනි ස්ථානයට පත් කරමින්.

මේ අතර, කොදෙව් – පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ශතකයක් වාර්තා කළ පාකිස්තානයේ ෆවඩ් අලාම් 21 වන ස්ථානය දක්වා ස්ථාන 34කින් ඉදිරියට පැමිණ තබෙනවා.

 

 

 

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...