ආරාධිත T 20 තරගාවලියේ ශූරතාවය දසුන්ගේ අපරාජිත ග්‍රේස් පිලට

Date:

දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් රෙඩ්ස් කණ්ඩායම ලකුණු 42කින් පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළ ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ග්‍රේස් කණ්ඩායම අද(24) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති අවසන් තරගය ජය ගැනීම සදහා රෙඩ්ස් කණ්ඩායමට ලකුණු 202ක ඉලක්කයක් හිමි වූ නමුත්, ඔවුන්ට පන්දුවාර 19.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 159ක් පමණයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ග්‍රේස් ක්‍රීඩකයින් කඩුලු 4ක් දැවී ලකුණු 201ක් රැස් කළේ මිනෝද් භානුක පන්දු 51කින් ලබා ගත් ලකුණු 74න් සවිමත් වෙමින්. ඔහුගේ ඉනිමට හතරේ පහර 12ක් ඇතුළත් වුණා.

නායක දසුන් ශානක පන්දු 17කින් වේගවත් ලකුණු 48ක් ලබා ගත්තේ හයේ පහර හා හතරේ පහර 4 බැගින් එල්ල කරමින්.

නුවනිදු ප්‍රනාන්දු පන්දු 36කින් ලකුණු 47ක් රැස් කළා.

පන්දු යැවීමේ දී අකිල ධනංජය කඩුලු 2ක් හා අසේල ගුණරත්න එක් කඩුල්ලක් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෙඩ්ස් කණ්ඩායම වෙනුවෙන් ඕෂද ප්‍රනාන්දු හයේ පහර හා හතරේ පහර 3 බැගින් එල්ල කරමින් ලකුණු 46(27)ක් රැස් කළා. අසේල ගුණරත්න ලකුණු 22ක් හා අකිල ධනංජය නොදැවී ලකුණු 25ක් ලබා ගත් නමුත්, තරගය ජය ගැනීම සදහා එය කිසිසේත් ප්‍රමාණවත් වූයේ නැහැ.

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප්, මතීෂ පතිරණ හා පුලින තරංග කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ග්‍රේස් කණ්ඩායම මෙවර තරගාවලියේ දී කිසිදු තරගයක් පරාජයට පත් නොවී ශූරතාවය දිනා ගැනීම ද විශේෂත්වයක්.

ශුරතාවය දිනූ ග්‍රේස් කණ්ඩායමට රුපියල් මිලියන දෙකක ත්‍යාග මුදලක් හිමි වූ අතර, අනුශූරයින්ට හිමි වූ ත්‍යාග මුදල රුපියල් ලක්ෂ 15ක්.

අවිශ්ක දවා ගැනීමට පුලින තරංග රැක ගත් සුපිරි උඩ පන්දුවේ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...