රෝයිට පන්දු යැවීමේ තහනමක්

Date:

සිම්බාබ්වේ කණ්ඩායමේ දග පන්දු යවන ක්‍රීඩක Roy Kaia ට ජාත්‍යන්තර තරගවලදී පන්දු යැවීම තහනම් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන තිබෙනවා.

ඒ, ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල නොවන බව තහවුරු වීම හේතුවෙන්.

බංග්ලාදේශය සමග පසුගිය මාසයේ හරාරේ හී දී පැවැති ටෙස්ට් තරගයේ දී යි ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වුණේ.

විශේෂඥ මණ්ඩලයක් විසින් Roy Kaia ගේ පන්දු යැවීමේ ඉරියව්ව විමර්ශනය කර ඇති අතර, ඔවුන් තීරණය කර ඇත්තේ ඔහුගේ ඉරියව්ව නියමිත අංශක 15 සිමාව ඉක්මවා යන බවයි.

ඔහුට සිය ඉරියව්ව නිවැරැදි කර ගැනීමෙන් පසුව නැවත පරීක්ෂණයක් සදහා ඉදිරිපත් වීමට අයි.සී.සී නීති රීති ප්‍රකාරව අවසර පවතිනවා.

ජාත්‍යන්තර තරගවලදී ඔහුට පන්දු යැවීමේ තහනමක් පනවා ඇතත්, සිම්බාබ්වේ ක්‍රිකට් ආයතනයේ අවසරය ඇතිව ඔහුට දේශීය තරගවලදී පන්දු යැවීමේ හැකියාව පවතිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...