ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත වූ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සිම්බාබ්වේ දේශයට

Date:

අයි.සී.සී කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සුදුසුකම් ලබන අවසන් කණ්ඩායම් 3 තෝරා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය සිම්බාබ්වේහී දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) අද(19) නිවේදනය කළේ නොවැම්බර් 21 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා අදාළ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය පැවැත්වෙන බවයි.

ඒ සදහා ක්‍රීඩා කරන රටවල් ගණන 10ක්. තරගාවලියේ තරග කාලසටහන ද ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරන බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

සිම්බාව්වේ, ශ්‍රී ලංකාව, අමෙරිකා එක්සත් ජනපදය, බංග්ලාදේශය, අයර්ලන්තය, නෙදර්ලන්තය, පාකිස්තානය, පැපුවා නිව් ගිනියාව, තායිලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම් සුදුසුකම් ලැබීමේ තරගාවලියට එක් වනු ඇති.

පසුගිය වසරේ දී සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය මෙරට දී පැවැත්වීමට නියමිතව තිබූ නමුත්, එය විටින් විට කල් දැමීමට ජගත් ක්‍රිකට් කවුන්සලයට සිදු වුණේ ගෝලීය කොරෝනා වසංගතය හේතුවෙන්.

2022 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මාර්තු 4 වැනිදා සිට අප්‍රේල් 3 වනදා දක්වා නවසීලන්තයේ දී පැවැත්වීමට නියමිතයි.

ලෝක කුසලාන තරගාවලිය සදහා මේ වන විටත් රටවල් 5ක් සුදුසුකම් ලබා අවසන්. එනම්, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව හා සත්කාරක නවසීලන්තයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...