SLC ආරාධිත T 20 තරගාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ තරග 8ක් මේ වන විට පවත්වා අවසන්.

අද(19) දිනය තරගාවලියේ විවේක දිනයක් වන අතර, හෙට දිනයේ දී තරගාවලියේ 9 වන හා 10 වන තරග පැවැත්වීමට නියමිතයි.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ තවදුරටත් පෙරමුණ ගැනීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් SLC Greys කණ්ඩායම සමත්ව සිටිනවා.

ඒ, ක්‍රීඩා කළ තරග 4ම ජය ගනිමින්.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ පසුවන ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් SLC Blues කණ්ඩායම තරග 4කට ක්‍රීඩා කර ඉන් තරග 2ක් ජය ගෙන ඇති අතර, තරග 2ක් පරාජයට පත්වුණා.

තරග දෙකක් ජය ගත් දිනේෂ් චන්දිමාල්ගේ SLC Reds කණ්ඩායම 3 වන ස්ථානයේත්, තරග 4ම පරාජයට පත් වූ අශාන් ප්‍රියන්ජන් නායකත්වය දරන SLC Greens කණ්ඩායම 4 වැනි ස්ථානයේත් පසුවනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...