ප්‍රබලයින් රැසක් සමගින් T 20 ලෝක කුසලානයට ඔස්ට්‍රේලියානු සංචිතය නම් කෙරේ

Date:

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ප්‍රබල ක්‍රීඩකයින් රැසකගෙන් සමන්විත ශක්තිමත් සංචිතයක් නම් කිරීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

දණහිසක ආබාධය හේතුවෙන් ශල්‍යකර්මයකට ලක් කර සිටි ආරෝන් ෆින්ච්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

ඊට මෑතකදී නිමා වූ කොදෙව් හා බංග්ලාදේශ සංචාර ක්‍රීඩා නොකළ ග්ලේන් මැක්ස්වෙල්, ස්ටීවන් ස්මිත්, පැට් කමින්ස්, ඩේවිඩ් වෝනර්, මර්කස් ස්ටොයිනිස් හා කේන් රිචර්ඩ්සන් යන ක්‍රීඩකයින් කැදවා තිබෙනවා.

ස්මිත් ද වැලමිටක ආබාධයකට ලක්ව සිටි බැවින් 20යි 20 ලෝක කුසලානය ද ඔහුට අහිමි වීමේ අවධානමක් මතුව තිබුණා.

මෙතෙක් ජාත්‍යන්තර 20යි 20 වරම් දිනා නොමැති කඩුලු රකින පිතිකරු Josh Inglis ද සංචිතයට නම් කිරීම විශේෂත්වයක්.

ඒ අනුව නිමා වූ කොදෙව් එක්දින තරගාවලියේ දී කණ්ඩායම මෙහෙය වූ ඇලෙක්ස් කෙරීට සංචිතයේ ස්ථානය අහිමි වී තිබීම කැපී පෙනෙනවා.

ඇඩම් සම්පා හා ඇෂ්ටන් ඒගාර් හැරුණු විට සංචිතයට නම් කර ඇති තෙවැනි දග පන්දු යවන්නා වන්නේ මිචෙල් ස්වෙප්සන්.

ඩෑන් ක්‍රිස්ටියන්, ඩැනියල් සෑම්ස් හා නේතන් ඇලිස් අමතර ක්‍රීඩකයින් ලෙස ද නම් කර තිබෙනවා.

මෙතෙක් කිසිදු 20යි 20 ලෝක කුසලානයක් ජය ගෙන නොමැති ඔස්ට්‍රේලියාව මෙවර ලෝක කුසලානයේ දී සුපිරි 12 වටයේ සිට තරග වදින අතර, ඔවුන් ක්‍රීඩා කරන පළමු තරගය ඔක්තෝබර් 23 වනදා දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

20යි 20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 17 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිතව තබෙනවා.

T20 World Cup Squad:

Aaron Finch (C), Pat Cummins (VC), Ashton Agar, Josh Hazlewood, Josh Inglis, Mitchell Marsh, Glenn Maxwell, Kane Richardson, Steve Smith, Mitchell Starc, Marcus Stoinis, Matthew Wade, David Warner, Adam Zampa, Mitchell Swepson

Travelling reserves: Dan Christian, Daniel Sams, Nathan Ellis

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...