ශ්‍රී ලංකා කණ්ඩායම T 20 තරගාවලියක් සදහා ඕමානයේ තරග සංචාරයක

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔක්තෝබර් මාසයේ දී ඕමානයේ තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

එරට මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියට පෙර එම සංචාරයේ නිරත වන බවයි.

20යි 20 ලෝක කුසලානයට පෙරහුරුවක් වශයෙන් එම තරග සංචාරය යොදා ගෙන ඇති බව සදහන්.

එහිදී ශ්‍රී ලංකාව හා ඕමානය අතර 20යි 20 තරග 2ක් පැවැත්වීමට නියමිතයි.

ඔක්තෝබර් 7 වනදා හා 9 වනදා එම තරග දෙක Amerat හී දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

“මෙම සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ඕමානයට එරෙහිව 20යි 20 තරග දෙකක් ක්‍රීඩා කරනවා” යනුවෙන් ඕමාන කණ්ඩායමේ පුහුණුකරු දුලීප් මෙන්ඩිස් මහතා සදහන් කළා.

මෙම සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායම 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීම වෙනුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙත පිටත්ව යනු ඇති.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ඔක්තෝබර් 17 වනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ඕමානයේ දී පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...