ස්මිත් හා ලබුෂේන් අභිබවා රූට් දෙවැනියා වෙයි

Date:

එංගලන්ත නායක ජෝ රූට් නවතම ටෙස්ට් ක්‍රිකට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ, ඉන්දියාව සමග නිමා වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී ඔහු දැක් වූ දක්ෂතා හේතුවෙන්.

එම තරගයේ පළමු ඉනිමේ දී රූට් නොදැවී ලකුණු 180ක් ලබා ගත් අතර දෙවැනි ඉනිමේ දී ලකුණු 33ක් රැස් කළා.

ජෝ රූට් මෙම තරගාවලිය ආරම්භ කරන විට පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි 5 වැනි ස්ථානයේ රැදී සිටි නමුත්, පළමු ටෙස්ට් තරගයෙන් පසුව ඔහු විරාට් කෝලි අභිබවා 4 වැනි ස්ථානය දක්වා පියවරක් ඉදිරියට පැමිණියා.

දෙවැනි තරගයේ දී දැක් වූ දක්ෂතා අනුව ඔහු මේ වන විට ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් හා මර්නස් ලබුෂේන් ද අභිබවා පියවර දෙකක් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ අනුව පිතිකරණ අංශයේ පෙරමුණේ පසුවන නවසීලන්තයේ කේන් විලියම්සන්ට වඩා ඔහු මේ වන විට පිටුපසින් පසුවන්නේ ශ්‍රේණිගත ලකුණු 8ක් පමණයි.

විලියම්සන්ට ශ්‍රේණිගත ලකුණු 901ක් හිමිව ඇති අතර, රූට් හිමි කර ගෙන ඇති ශ්‍රේණිගත ලකුණු ප්‍රමාණය 893ක්.

මේ අතර, ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණීමට එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් සමත්ව තිබෙනවා.

ඒ, ඉන්දියාව සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේ දී ඔහු දවා ගත් කඩුලු 5 හේතුවෙන්.

මේ අතර, පාකිස්තාන නායක බබාර් අසාම් 8 වැනි ස්ථානය දක්වා පිතිකරණ ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ ඇත්තේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගයේ දී දැක් වූ දක්ෂතා පදනම් කර ගනිමින්.

ඔහු මීට පෙර 10 වැනි ස්ථානයේ රැදී සිටියා.

කොදෙව් තුන් ඉරියව් ක්‍රීඩක ජේසන් හෝල්ඩර් ද පන්දු යවන්නන් අතර 9 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන දෙකකින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...