අවිශ්ක පිතිකරණ පුහුණුකරු ලෙස පත් කර ඇත්තේ පාකිස්තාන තරගාවලියට පමණයි

Date:

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස එළඹෙන පාකිස්තාන තරගාවලිය වෙනුවෙන් පමණක් පත්කර ඇති බව ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කරනවා.

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනයට ඔහුව දීර්ඝ කාලීන පුහුණුකරුවෙකු ලෙස පත් කර ගැනීමට අවශ්‍යව ඇතත්, එළඹෙන පාකිස්තාන තරගාවලිය සදහා පමණක් සම්බන්ධ වීමට අවිශ්ක ගුණවර්ධන මේ වන විට එකගතාවය පල කර ඇති බවයි ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේ.

තරග 3කින් යුත් ඇෆ්ඝනිස්තාන – පාකිස්තාන එක්දින තරගාවලිය හම්බන්තොටදී පැවැත්වීමට නියමිතයි.

ඊයේ(17) දිනයේ දී එරට ක්‍රිකට් ආයතනය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අවිශ්ක ගුණවර්ධන කණ්ඩායමේ පුහුණකරු ලෙස පත් කළ බවට ප්‍රකාශයක් සිදු කළ නමුත්, මේ වන විට එම සටහන ඔවුන් ඉවත් කර තිබෙනවා.

අවිශ්ක ගුණවර්ධන පිතිකරණ පුහුණුකරු ලෙස පත් කළ බවට වන ට්විටර් පණිවිඩයක් ද ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය පසුව පල කර ඇති නමුත්, මේ වන විට එය ද ඉවත් කර තිබීම විශේෂත්වයක්.

44 හැවිරිදි අවිශ්ක ගුණවර්ධනට මීට පෙර දූෂන චෝදනා එල්ල වී තිබූ නමුත්, ඔහුව එම චෝදනාවලින් නිදහස් කළ බව පසුගිය මැයි මාසයේ දී ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළා.

ඒ අනුව මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වීමට ඔහුට කිසිදු බාධාවක් නැහැ.

අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 6කට හා එක්දින තරග 61කට ක්‍රීඩා කළ අතර, ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණකරු ලෙස ද ඔහු කටයුතු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...