හිමේෂ්ගේ සුපිරි පන්දු යැවීම හා චන්දිමාල්ගේ අර්ධ ශතකය Reds පිලට ජය ගෙනෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 7 වන තරගයෙන් ජය වාර්තා කිරීමට SLC Reds කණ්ඩායම අද(18) සමත් වුණා.

ඒ, මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයෙන් SLC Blues කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත් කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Blues කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 146ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Reds කණ්ඩායම පන්දුවාර 19ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.(148/4)

අඛන්ඩව සිය දෙවැනි අර්ධ ශතකය වාර්තා කළ නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 59(44)ක් රැස් කළේ හතරේ පහර 6ක් සමගින්.

ඕෂද ප්‍රනාන්දු ලකුණු 27ක් ලබා ගත් අතර, අසේල ගුණරත්න නොදැවී ලකුණු 23යි. චාමික කරුණාරත්න ද නොදැවී ලකුණු 16ක් රැස් කළා.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ, ඩිල්ෂාන් මදුෂංක, ප්‍රවීන් ජයවික්‍රම හා ළහිරු සමරකෝන් එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Blues ඉනිම ශක්තිමත් කළ ආරම්භක පිතිකරු ධනංජය ලක්ෂාන් ලකුණු 55(47)ක් හා ළහිරු සමරකෝන් නොදැවී ලකුණු 35(21)ක් ලබා ගත්තා. නිපුන් මදුෂ්ක ලකුණු 25යි.

සුපිරි පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ හිමේෂ් රාමනායක පන්දුවාර 4 යවා නිමා කළේ ලකුණු 31කට කඩුලු 4ක් දවා ගනිමින්.

https://twitter.com/cric12222/status/1427973126034386947

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...