ඇෆ්ඝනිස්තාන ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට එන්න කාබුල් නුවර දී වැඩ අල්ලයි

Date:

එළඹෙන පාකිස්තාන තරගාවලිය අරමුණු කර ගනිමින් ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයින් සිය අවසන් පුහුණුවීම් ආරම්භ කර තිබෙනවා.

කාබුල් නුවර දී ඔවුන් පුහුණුවීම් ආරම්භ කළ බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ඒ, තලේබාන් සංවිධානය ඇෆ්ඝනිස්තානයේ පාලන බලය අත්පත් කර ගෙන ඇති පසුබිමකයි.

කඩිනමින් සිය ක්‍රීඩකයින් අදාළ තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා ශ්‍රී ලංකාව බලා පිටත්ව යන බව ද ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ඇෆ්ඝනිස්තාන – පාකිස්තාන තරග 3කින් යුත් එක්දින තරගාවලිය ලබන සැප්තැම්බර් පළමු වනදා සිට හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

එම තරගාවලියේ දී ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන කටයුතු කිරීමට නියමිතව ඇති බව ද ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළ නමුත්, අප මීට පෙර වාර්තා කළ පරිදි මේ වන විට ඔවුන් එම නිවේදනය සිය සමාජ මාධ්‍ය ගිණුම් තුළින් ඉවත් කර තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...