අවිශ්ක – චන්දිමාල්ගේ සුපිරි ප්‍රහාරය Reds පිලට කඩුලු 10ක දැවැන්ත ජයක් ගෙනෙයි

Date:

අවිශ්ක ප්‍රනාන්දුගේ හා දිනේෂ් චන්දිමාල්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් ජය වාර්තා කිරීමට SLC Reds කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ කඩුලු 10කින් පරාජයට පත් වූයේ SLC Greens කණ්ඩායමයි.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරුන් Greens කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 143ක් රැස් කළා.

ඔවුන්ගේ පළමු කඩුලු 4 ලකුණු 52 දී බිද වැටුණු නමුත් 5 වන කඩුල්ල සදහා ලකුණු 75ක සබදතාවයක් ගොඩ නැගීමට කමිදු මෙන්ඩිස් හා සම්මු අශාන් සමත් වුණා.

කමිදු අඛණ්ඩව සිය 3 වන අර්ධ ශතකය ද වාර්තා කරමින් පන්දු 42කින් ලකුණු 66ක් ලබා ගත්තා. හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් ඊට ඇතුළත්. සම්මු අශාන් ලකුණු 29යි.

පන්දු යැවීමේ දී චාමික කරුණරත්න ලකුණු 26කට කඩුලු 3ක් ද, සීක්කුගේ ප්‍රසන්න ලකුණු 20කට කඩුලු 2ක් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Reds කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය පසු කළේ පන්දුවාර 17.3ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී සිටියදීයි.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 58කින් වේගවත් ලකුණු 82ක් රැස් කළේ හයේ පහර 6ක් හා හතරේ පහර 4ක් සමගින්.

දිනේෂ් චන්දිමාල් පන්දු 44කින් ලකුණු 51ක් ලබා සිටියදී පන්දුවක් ශරීරයේ වැදීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා. (දර්ශන පහතින්)

Reds කණ්ඩායම මෙවර තරගාවලියේ දී ලැබූ පළමු ජයග්‍රහනය මෙය වන අතර, Greens කණ්ඩායම මේ වන විට ක්‍රීඩා කළ තරග 3ම පරාජයට පත්ව තිබෙනවා.

https://twitter.com/cric12222/status/1427246073836236801

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...