ෂාමි හා බුම්රාගේ සුපිරි සටන හේතුවෙන් එංගලන්තයට ලකුණු 272ක ජයග්‍රාහී ඉලක්කයක්

Date:

ඉන්දියාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ජය ගැනීම සදහා එංගලන්ත කණ්ඩායමට ලකුණු 272ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ අවසන් දිනය වන අද(16) දිනය ආරම්භ කරන විට දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව ඉනිම අත්හිටුවීමට පියවර ගත්තේ කඩුලු 8ක් දැවී ලකුණු 298ක් ලබා සිටියදීයි.

ඉනිමේ 8 වන කඩුල්ල ලකුණු 209 දී දැවී ගියේ තරගයේ වැඩි වාසි එංගලන්තය දෙසට නතු කරමින්.

කෙසේ වෙතත්, අනතුරුව 9 වැනි කඩුල්ල සදහා නොබිදුණු ලකුණු 89ක සබදතාවයක් ගොඩ නැගීමට මොහොමඩ් ෂාමි හා ජස්ප්‍රිට් බුම්රා සමත් වුණා.

ෂාමි නොදැවී ලකුණු 56ක් ද, බුම්රා නොදැවී ලකුණු 34ක් ද රැස් කළා.

අජින්කෙයා රහානේ ලකුණු 61 හා චෙටස්වර් පුජාරා ලකුණු 45ක් ලබා ගනිමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී මාර්ක් වුඩ් කඩුලු 3ක් ද, මොයීන් අලී හා ඔලී රොබින්සන් කඩුලු 2 බැගින් ද දවා ගැනීමට සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ලකුණු 364ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 391ක් ලබා ගත්තා.

https://twitter.com/Mrigank96046592/status/1427246504847106051

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...