ළහිරුගේ හයේ වරුසාව Greys කණ්ඩායමට පිට පිට තෙවැනි ජයත් ගෙනෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ 6 වැනි තරගයෙන් අද(16) ජය වාර්තා කිරීමට SLC Greys කණ්ඩායම සමත් වුණා.

ඔවුන් හමුවේ ලකුණු 16කින් පරාජයට පත් වූයේ SLC Blues කණ්ඩායමයි.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් SLC Greys කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 167ක් රැස් කළා.

ඉනිමේ සිව්වන කඩුල්ල ලකුණු 45 දී දැවී ගිය අතර, අනතුරුව චරිත් අසලංක හා ළහිරු මදුෂංක අතර ලකුණු 122 ක නොබිදුණු සබදතාවයක් ගොඩ නැගුණා.

චරිත් අසලංක පන්දු 47කින් නොදැවී ලකුණු 54ක් ලබා ගත්තේ හයේ පහර 2ක් හා හතරේ පහර 2ක් සමගින්.

ප්‍රවේගකාමී ඉනිමක් ක්‍රීඩා කළ ළහිරු ලකුණු 74ක් නොදැවී රැස් කළේ පන්දු 39කදී දැවැන්ත හයේ පහරවල් 5ක් හා හතරේ පහර 5ක් සමගින්.

පන්දු යැවීමේ දී ධනංජය ද සිල්වා, සුරංග ලක්මාල්, මහීෂ් තීක්ෂණ හා ඩිල්ෂාන් මදුෂංක අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ SLC Blues කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 151ක් පමණයි.

සධීර සමරවික්‍රම පන්දු 42කින් ලකුණු 58ක් ලබා ගත්තේ හයේ පහර 3ක් හා හතරේ පහර 4ක් සිය ඉනිමට එක් කරමින්.

අශේන් බණ්ඩාර පන්දු 15කින් වේගවත් ලකුණු 29ක් ලබා ගත්තා.(6×2, 4×3)

පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් හා දසුන් ශානක කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Greys කණ්ඩායම අඛණ්ඩව ලැබූ 3 වැනි ජය මෙය වීම විශේෂත්වයක්.

https://twitter.com/cric12222/status/1427313433406414854

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...