ජෙයිඩ්න් සීල්ස්ට අයි.සී.සීයෙන් අවවාද සමග දඩුවම් ලකුණක්

Date:

බටහිර ඉන්දීය කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක ජෙයිඩ්න් සීල්ස්ට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අවවාද කිරීමක් සිදු කර තිබෙනවා.

ඒ, නිමා වූ කොදෙව් – පාකිස්තාන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දී ඔහු අයි.සී.සී විනය නීති සංග්‍රහයේ පළමු මට්ටමේ වරදක් සිදු කිරීම හේතුවෙන්.

ඔහුගේ විනය වාර්තාවට දඩුවම් ලකුණක් (demerit point) ද ඇතුළත් කිරීමට පියවර ගත් බවයි අයි.සී.සීය නිවේදනය කළේ.

පාකිස්තාන පළමු ඉනිමේ 70 වන පන්දුවාරයේ දී හසන් අලීගේ කඩුල්ල දවා ගැනීමෙන් පසුව එය ජෙයිඩ්න් සීල්ස් විසින් නුසුදුසු භාෂාව ද භාවිතා කරමින් සැමරූ බවටයි චෝදනා එල්ල වුණේ.

තරග තීරක රිචී රිචර්ඩ්සන් විසින් ඔහුට එරෙහි දඩුවම ලබා ඇති අතර, අදාළ වරද හා දඩුවම ජෙයිඩ්න් සීල්ස් විසින් පිළිගෙන තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...