කෝලි දවා ගත් සෑම් කරන්ගේ සුපිරි පන්දුව

Date:

සංචාරක ඉන්දිය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 3ක් දැවී ලකුණු 56ක් ලබා සිටියා.

රෝහිට් ෂර්මා ලකුණු 21කට දැවී ගියේ මාර්ක් වුඩ් යොමු කළ කෙටි පන්දුවකට මොයීන් අලී අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

කේ.එල් රාහුල් ලකුණු 5කටත්, විරාට් කෝලි ලකුණු 20කටත් දැවී ගියා.

සෑම් කරන් යොමු කළ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් අතට උඩ පන්දුවක් ලබා දෙමිනුයි කෝලි දැවී ගියේ.

පන්දු යැවීමේ දී මාර්ක් වුඩ් කඩුලු 2ක් හා සෑම් කරන් එක් කඩුල්ලක් බිද හෙලුවා.

ඉන්දියාව මේ වන විට දෙවැනි ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 29ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...