ඉන්දියාව ලකුණු 154ක් ඉදිරියෙන්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අද(15) නිමා වුණේ තරගයේ වැඩි වාසි එංගලන්ත කණ්ඩායම වෙත නතු කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 6ක් දැවී ලකුණු 181ක් ලබා සිටියා.

ඉනිමේ පළමු කඩුලු 3 බිද වැටුණේ ලකුණු 55කටයි. කේ.එල් රාහුල් ලකුණු 5ක්, රෝහිට් ෂර්මා ලකුණු 21ක් හා විරාට් කෝලි ලකුණු 20ක් රැස් කළා.

අනතුරුව චෙටස්වර් පුජාරා හා අජින්කෙයා රහානේ අතර 4 වැනි කඩුල්ල සදහා ලකුණු 100ක සබදතාවයක් ගොඩ නැගුණා.

පුජාරා ලකුණු 45කටත්, රහානේ ලකුණු 61කටත් දැවී ගිය අතර, රවීන්ද්‍ර ජඩේජා රැස් කළේ ලකුණු 3ක් පමණයි.

රිෂාබ් පාන්ට් නොදැවී ලකුණු 14ක් හා ඉෂාන්ට් ෂර්මා නොදැවී ලකුණු 4ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

පන්දු යැවීමේ දී මාර්ක් වුඩ් කඩුලු 3ක් හා මොයීන් අලී කඩුලු 2ක් බිද හෙලුවා. සෑම් කරන් එක් කඩුල්ලක් දවා ගත්තා.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 364ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 391ක් ලබා ගත්තා.

ඒ අනුව ඉන්දියාව මේ වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 154ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...