රූට් 180*; පළමු ඉනිමේ දී එංගලන්තයට ලකුණු 27ක වාසියක්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය, එංගලන්ත පළමු ඉනිම සියලු දෙනා දැවී ලකුණු 391කට සීමා වෙමින් අද(14) නිමා වුණා.

ඒ, ජෝ රූට් රැස් කළ සුපිරි ශතකයෙන් හා ජොනී බෙයාර්ස්ටව්ගේ අර්ධ ශතකයෙන් සවිමත් වෙමින්.

රූට් නොදැවී ලකුණු 180ක් ලබා ගත්තේ හතරේ පහර 18ක් සිය ඉනිමට එක් කරමින්.

එය ඔහු ටෙස්ට් පිටියේ වාර්තා කළ 22 වැනි ශතකයයි.

බෙයාර්ස්ටව් ලකුණු 57යි. රෝරි බර්න්ස් ලකුණු 49ක් රැස් කළ අතර, මොයීන් අලී ලකුණු 27ක් ද ජොස් බට්ලර් ලකුණු 23ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී මොහොමඩ් සිරාජ් කඩුලු 4ක් හා ඉෂාන්ට් ෂර්මා කඩුලු 3ක් බිද හෙලුවා. මොහොමඩ් ෂාමි කඩුලු 2ක් දවා ගත්තා.

ඒ අනුව එංගලන්තය පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 27ක්.

ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 364ක්.

https://twitter.com/CricketMate_/status/1426534049607294987?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1426534049607294987%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.cricwire.lk%2F2021%2F08%2F14%2Fwatch-india-almost-fielded-12-men-at-the-start-of-the-session%2F

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...