පැතුම්ගේ ඉනිම අපතේ යයි; අශේන් බණ්ඩාරගේ සුපිරි ප්‍රහාරය බ්ලූස් කණ්ඩායමට ජය ගෙනෙයි

Date:

සහන් ආරච්චිගේ හා අශේන් බණ්ඩාරගේ ප්‍රහාරත්මක සුපිරි පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන ආරාධිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට SLC Blues කණ්ඩායම සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ SLC Greens කණ්ඩායමයි.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් SLC Greens කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 180ක් රැස් කරමින් Blues කණ්ඩායමට ලකුණු 181ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි කර දුන්නා.

Blues කණ්ඩායම එම ඉලක්කය හඹා ගියේ පන්දුවාර 19.3ක් අවසානයේ කඩුලු 5ක් දැවී සිටියදීයි.

අශේන් බණ්ඩාර පන්දු 18කින් වේගවත් ලකුණු 36ක් ලබා ගත්තේ හයේ පහර 2ක් හා හතරේ පහර 2ක් සමගින්.

සහන් ආරච්චිගේ පන්දු 22කින් ලකුණු 38ක් ලබා ගැනීමට සමත් වූ අතර, සධීර සමරවික්‍රම පන්දු 38කින් ලකුණු 47ක් රැස් කළා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් Greens කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක පන්දු 54කින් නොදැවී ලකුණු 76ක් ලබා ගත්තේ හයේ පහර 3ක් හා හතරේ පහර 7ක් සමගින්.

ළහිරු උදාර ලකුණු 44යි. කමිදු මෙන්ඩිස් පන්දු 25කින් වේගවත් ලකුණු 53 ක් රැස් කළා. ඒ, හයේ පහර 3ක් හා හතරේ පහර 4ක් සමගින්.

සුවිශේෂී පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ මහීෂ් තීක්ෂණ සිය පන්දුවාර 4 තුළ ලකුණු 12කට කඩුලු 2ක් බිද හෙලුවා.

https://twitter.com/cric12222/status/1426591566416670721

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...