සංචාරක පාකිස්තාන කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර ජැමයිකාවේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ තෙවන දිනය මෙරට වේලාවෙන් අද අලුයම(15) නිමා වුණේ තරගය තවදුරටත් කණ්ඩායම් දෙකටම සමබර කරමින්.
දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 5ක් දැවී ලකුණු 160ක් ලබා සිටියේ දෙවැනි ඉනිමේ දී කොදෙව් පළමු ඉනිමට වඩා ලකුණු 124ක් ඉදිරියෙන් පසුවෙමින්.
නායක බබාර් අසාම් නොදැවී ලකුණු 54ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.
ඉම්රාන් බට් හා ෆවඩ් අලාම් ලකුණු නොලබා දැවී ගිය අතර, අබිඩ් අලී ලකුණු 34ක් ද මොහොමඩ් රිස්වාන් ලකුණු 30ක් ද රැස් කළා.
පන්දු යැවීමේ දී කෙමා රෝච් හා ජෙයිඩ්න් සීල්ස් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය සියලු දෙනා දැවී ලකුණු 217ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස කොදෙව් පළමු ඉනිම සීමා වුණේ ලකුණු 253කටයි.

