ඉන්දීය තරගාවලියෙන් ශ්‍රී ලංකාව ලද කෝටි සිය ගණනක ලාභය හෙළි කෙරේ

Date:

කොවිඩ් 19 අර්බුදය මැද ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය අඛණ්ඩව සිදු කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉන්දීය කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු වූ රාහුල් ඩ්‍රාවිඩ්ව ප්‍රශංසාවට ලක් කර තිබෙනවා.

ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ක්‍රික්බස් වෙබ් අඩවියට අදහස් දක්වමින් සදහන් කළේ තරග සංචාරය අතරමගදී ඇති වූ කොවිඩ් 19 අර්බුදය හෙතුවෙන් රාහුල් ඩ්‍රාවිඩ්ට අවශ්‍යනම් ක්‍රීඩකයින් රැගෙන පහසුවෙන්ම යළි ඉන්දියාව බලා පිටත්ව යාමට අවස්ථාව තිබූ බවයි.

එක්දින තරග 3කින් හා 20යි 20 තරග 3කින් යුක්ත වූ අදාළ තරග සංචාරයේ ආරම්භයට ද කොවිඩ් 19 වසංගතයෙන් බලපෑම් එල්ල වුණා.

ඒ, ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට හා දත්ත විශ්ලේෂක ජී.ටී. නිරෝෂන්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හදුනා ගැනීම හේතුවෙන්.

ඒ අනුව තරගාවලියේ තරග කාලසටහන සංශෝදනය කරමින් එක්දින තරගාවලියේ ආරම්භය දින කිහිපයකින් ප්‍රමාද කිරීමට සිදු වුණා.

20යි 20 තරගාවලිය අතරමගදී ද තරග කාලසටහන යළි සංශෝදනය කිරීමට සිදු වූයේ ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක කෘනාල් පාන්ඩ්යාට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට හදුනා ගැනීම හේතුවෙන්.

එහිදී ක්‍රීඩකයින් 9 දෙනෙකු පමණ නිරෝධායනයට ලක් කිරීමට ඉන්දියාවට සිදු වූ අතර, අවසන් 20යි 20 තරග දෙක ක්‍රීඩා කිරීමට ඉන්දීය ප්‍රධාන සංචිතයේ ඉතිරිව සිටියේ ක්‍රීඩකයින් 11 දෙනෙකු පමණයි.

මේ අතර, මෙම තරග සංචාරය සාර්ථකව අවසන් කිරීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට රුපියල් කෝටි 280කට වැඩි ලාභයක් හිමිවී ඇති බව ද ක්‍රික්බස් වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

“එය අපට ඉතා වටිනා සංචාරයක්. අපි එය බොහෝ කාලයක් බලා සිටියා. අතිරේක විස්සයි 20 තරග තුනක් ක්‍රීඩා කිරීමේ අපේ ඉල්ලීමට එකඟ වීම ගැන අපි ඉන්දීය ක්‍රිකට් ආයතනයේ ඉහළ නිළධාරීන්ට – ජයි ෂාහ් සහ සෞරව් ගංගුලිට – ස්තූතිවන්ත වෙනවා. පළමුව මෙම සංචාරයට ඇතුළත්ව තිබුණේ එක්දින තරඟ තුනක් පමණයි. එය මුළු සංචාරයේම වාණිජ වටිනාකම වැඩි කළා. අපි ඩොලර් මිලියන 14.5කට ආසන්න මුදලක් උපයා ගත්තා. එය අපේ ආර්ථිකයට විශාල ශක්තියක්” යනුවෙන් මොහාන් ද සිල්වා මහතා සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...