ස්ටොක්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් එක්දින සංචිතයෙන් කැපේ

Date:

අයර්ලන්තය සමග ආරම්භ විමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ක්‍රීඩකයින් 24 දෙනෙකුගෙන් යුත් පුහුණු සංචිතයක් එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබෙනවා.

ඉයන් මෝර්ගන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට බෙන් ස්ටොක්ස්, ජෝ රූට්, ජොෆ්ර ආචර් සහ ජොස් බට්ලර් නම් කර නොතිබීම විශේෂත්වයක්.

නමුත් ඊට ටෙස්ට් කණ්ඩායමේ ස්ථානය අහිමි වී ඇති මොයීන් අලී සහ ජොනී බෙයාර්ස්ටව් කැදවා ඇති බවයි එංගලන්ත ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

සංචිතය සදහා මෙතෙක් ජාත්‍යන්තර එක්දින වරම් හිමිව නොමැති ක්‍රීඩකයින් 9 දෙනෙකු නම් කර තිබෙනවා.

ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් ටෙස්ට් තරග පිළිබද වැඩි අවධානයක් යොමු කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් මෙම එක්දින තරගාවලියේ දී කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙස පෝල් කොලින්වුඩ් කටයුතු කරනු ඇති.

තරගාවලිය සදහා වන අවසන් සංචිතය නම් කිරීමට පෙර පුහුණු සංචිතයේ ක්‍රීඩකයින් අතරම පුහුණු තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය ජූලි 30 වනදා සවුත්හැම්ටන් හී දී ආරම්භ වන අතර, තෙවැනි හා අවසන් තරගය අගෝස්තු 4 වනදා පැවැත්වෙනවා.

අනතුරුව ඊට පසු දින පාකිස්තානයට එරෙහි ටෙස්ට් තරගාවලිය ආරම්භ වන බැවින් බෙන් ස්ටොක්ස්, ජොෆ්ර ආචර්, ජොස් බට්ලර් වැනි ප්‍රබල ක්‍රීඩකයින් මෙම සංචිතයට නම් කර නොමැති බවයි වාර්තා වන්නේ.

ENG ODI Training Group:

Eoin Morgan (c) , Moeen Ali, Jonathan Bairstow , Tom Banton , Sam Billings , Henry Brookes , Brydon Carse , Tom Curran , Liam Dawson , Ben Duckett , Laurie Evans , Richard Gleeson , Lewis Gregory , Sam Hain , Tom Helm , Liam Livingstone , Saqib Mahmood , Matthew Parkinson , Adil Rashid , Jason Roy , Phil Salt , Reece Topley , James Vince , David Willey .

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...