එංගලන්තය 204 – කොදෙව්වන් ප්‍රබල ස්ථානයක – Day 2 REPORT

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර සවුත්හැම්ටන්හී දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(9) නිමා වුණා.

දිනය නිමා වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුල්ලක්  දැවී ලකුණු 57ක් ලබා සිටියා.

ජෝන් කැම්ප්බෙල් ලකුණ 28ක් රැස් කළා.

අද දිනය ආරම්භ කරන විට එංගලන්ත කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 35ක් ලබා සිටියා.

කෙසේ වෙතත් එංගලන්ත ඉනිම ලකුණු 204කට සීමා කිරීමට ජේසන් හෝල්ඩර් සහ ෂැනොන් ගැබ්‍රියල් සමත් වුණා.

නායක බෙන් ස්ටොක්ස් ලකුණු 43යි.

ICC

පන්දු යැවීමේ දී ජේසන් හෝල්ඩර් කඩුලු 6ක් සහ ෂැනොන් ගැබ්‍රියල් කඩුලු 4ක් බිද හෙලුවා.

ඒ අනුව කොදෙව්වන් මේ වන විට සිය පළමු ඉනිමේ දී පිටුපසින් සිටින ලකුණු සංඛ්‍යාව 147ක්.

කොරෝනා වසංගතය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග අත්හිටුවා දින 117කට පසුවයි ඊයේ(8) දිනයේ දී මෙලෙස ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ආරම්භ කෙරුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...