ආසියානු කුසලානය ජූනි මාසයට කල් දැමේ – සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

Date:

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ලබන වසර දක්වා කල් දැමීමට තීරණය කළ බව ආසියානු ක්‍රිකට් කවුන්සලය අද(9) පස්වරුවේ නිල වශයෙන් නිවේදනය කළා.

ඒ, කොරෝනා වසංගතයත් සමග පවතින සියලු තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්.

ආසියානු ක්‍රිකට් කවුන්සලයේ විධායක සභා රැස්වීමක් අද පැවැති අතර, එහිදී මෙම තීරණය ගෙන ඇති බව සදහන්.

තරගාවලිය සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට යෝජිතව තිබුණා.

ඒ, මෙවර සත්කාරකත්වය හිමිව තිබූ පාකිස්තානය විසින් පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එය ශ්‍රී ලංකාවට ලබා දීමට කැමැත්ත පල කිරීම හේතුවෙන්.

ඒ වෙනුවට ලබන 2022 වසරේ දී මෙරට දී පැවැත්වීමට නියමිත වූ ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් පාකිස්තානයට ලබා දීමටයි එකගතාවයකට එළඹ තිබුණේ.

ඒ අනුව ලබන වසරේ ජූනි මාසයේ දී ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ආසියානු ක්‍රිකට් කවුන්සලයේ විධායක සභාව තීරණය කර තිබෙනවා.

මෙම වසරේ දී තරගාවලිය නොපවත්වන බව ඊයේ දිනයේ දී ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි ද සදහන් කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...