පළමු දිනය පන්දුවාර 17යි – බ්‍රෝඩ්ට වසර 8කට පසු වුණ දේ – Day 1 Report

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි.

වර්ෂාව හේතුවෙන් පන්දුවාර 17.4ක් පමණක් අද (8) දිනයේ දී ක්‍රියාත්මක කෙරුණු අතර, දිනය නිමා වන විට එංගලන්තය එක් කඩුල්ලක් දැවී ලකුණු 35ක් ලබා සිටියා.

රොරී බර්න්ස් ලකුණු 20ක් සහ ජෝ ඩෙන්ලි ලකුණු 14ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැදී සිටිනවා.

ඩොම් සිබ්ලි ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට ෂැනොන් ගැබ්‍රියල් සමත් වුණා.

තරග 3කින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ආරම්භ කිරීම වර්ෂාව නිසා පැය කිහිපයක් ප්‍රමාද වූ අතර, මෙරට වේලාවෙන් පස්වරු 3ට සිදු කිරීමට නියමිතව තිබූ තරගයේ කාසියේ වාසිය උරගා බැලීම සිදු කෙරුණේ ද පස්වරු 6ට පමණයි.

තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට සවුත්හැම්ටන්හී දී ආරම්භ වීමටයි නියමිතව තිබුණේ.

කෙසේ වෙතත්, වර්ෂාව හේතුවෙන් ප්‍රමාද වූ තරගය පස්වරු 6.30ට ආරම්භ කෙරුණා.

වර්ගවාදයට එරෙහිව ගෙන යන සටනට තරගය ආරම්භ වීමට පෙර දෙරටේ ක්‍රීඩකයින් සිය සහය පළ කර සිටියේ ක්‍රීඩාංගනය තුළ දණගසමින්.

west indies cricket

කොරෝනා වසංගතය හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් තරග අත්හිටුවා දින 117කට පසුවයි අද(8) ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් ආරම්භ කෙරුණේ.

මේ අතර, මෙම තරගය සදහා එංගලන්තයේ ස්ටුවට් බ්‍රෝඩ් ක්‍රීඩා නොකරන අතර, ඔහු සිය රටේ පැවැත්වෙන ටෙස්ට් තරගයක් සදහා මෙලෙස ක්‍රීඩා නොකරන්නේ වසර 8කට පසුව වීම විශේෂත්වයක්.

තරගයේ ලකුණු සටහන –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...