පාවාදුන් චෝදනාවේ විමර්ශන වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට

Date:

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ සිදු වූ පාවාදීමක් පිලිබදව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මාධ්‍ය හමුවේ කළ චෝදනාව සම්බන්ධයෙන් සිදු කෙරුණු පරීක්ෂණයේ වාර්තාව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඊට අදාළ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා උපදෙස් ඉල්ලා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබෙනවා.

ඒ, සිදුකල පරීක්ෂණ අනුව 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කිසිදු පාවාදීමක් සිදු කර නොමැති බව සදහන් අදාළ වාර්තාව විශේෂ විමර්ශණ ඒකකය විසින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාර දීමෙන් පසුවයි.

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී සිදු වූ බව කියූ පාවාදීමක් පිලිබදව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මාධ්‍ය හමුවේ සිදුකළ චෝදනාව සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා වෙත උපදෙස් ලබා දී තිබුණා.

ඒ අනුව ලේකම්වරයා විසින් ක්‍රීඩා වැරදි වැලැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත ලිඛිත පැමිණිල්ලක් සිදු කළ අතර, අනතුරුව ක්‍රියාත්මක වූ විශේෂ පොලිස් විමර්ශන ඒ්කකය එම පැමිණිල්ල සම්බන්ධව නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් ලබා ගත්තා.

පළමුව මහින්දානන්ද අලුත්ගමගේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රකාශ සටහන් කර ගත් විශේෂ විමර්ශන ඒකකයේ නිළධාරීන් පසුව 2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුමාර සංගක්කාර, එවකට තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා හා අවසන් තරගයේ ආරම්භක පිතිකරු උපුල් තරංග යන මහත්වරුන්ගෙන් මෙම චෝදනා සම්බන්ධව ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කළා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...