“ආසියානු කුසලානය අවලංගු කළා” – ගංගුලි

Date:

මෙවර ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය අවලංගු කළ බව ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි පවසනවා.

ඉන්ස්ටග්‍රෑම් සමාජජාලා මාධ්‍ය ඔස්සේ පැවැති වැඩසටහනකට එක්වෙමින් ඔහු ඒ බව සදහන් කළා.

මෙවර තරගාවලිය සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමටයි නියමිතව තිබුණේ.

තරගාවලියේ සත්කාරකත්වය පාකිස්තානයට හිමිව තිබුණ ද පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් එය ශ්‍රී ලංකාවට  පිරිනැමීමට ඔවුන් පසුගිය මාසයේ දී තීරණය කර තිබුණා.

කෙසේ වෙතත්, ආසියානු කුසලාන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය හෙට(9) පැවැත්වීට නියමිත ආසියානු ක්‍රිකට් කවුන්සල රැස්වීමේ දී ගනු ඇති බවටයි මීට පෙර තොරතුරු වාර්තා වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...