මෙරට ක්‍රිකට් වසන්තය ජූලි 14 වනදා ඇරඹේ

Date:

කොරෝනා වෛරසය හේතුවෙන් මාර්තු මස සිට නවතා දැමුණු අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලිය යළිත් මෙම මස 14 වැනිදා සිට ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම තරගාවලිය වසංගත තත්ත්වයෙන් පසු මෙරට ආරම්භ කරනු ලබන පළමු ක්‍රිකට් තරග ඉසව්ව බවට පත්වනු ඇති.

එය ලබන අගෝස්තු මස 03 වැනිදා වන විට පවත්වා අවසන් කිරීමට තරගාවලි සංවිධාන කමිටුව බලාපොරොත්තුවෙන් පසුවන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ.

ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ සෞඛ්‍ය අංශවල උපදෙස්වලට අනුකූලව මෙලෙස ක්‍රිකට් තරග ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

තරගවලට ක්‍රීඩා කිරීමේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී තිබෙන කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කර සිටින ලෙසයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ද සදහන් කර තිබුණේ.

පන්දුව සමඟ සම්බන්ධ වන හැකි සෑම අවස්ථාවකදීම දෑත් විෂබීජ නාෂක යොදා විෂබීජහරණය කිරීම, පන්දුව ඇල්ලීමෙන් පසු ඇස් – නාසය සහ මුඛ ස්පර්ෂ නොකිරීම, පන්දුව පිරිමැදීමේදී කෙළ භාවිතා නොකිරීම සහ පන්දුව හැසිරවීමේදී විනිසුරුවන්ට අත්වැසුම් පැළඳීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම මෙම කරුණු අතරට අයත්.

යළිත් දේශීය ක්‍රිකට් වසන්තය ආරම්භ කිරීම පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සඳහන් කර සිටියේ අනුගමනය කළ යුතු කරුණු අතරට තරග නැරඹීම සදහා ප්‍රේක්ෂකයින් ක්‍රීඩාංගණයට ඇතුළත් කිරීමද සීමා කර තිබෙන බවයි.

එහිදී එම ක්‍රීඩාංගණයට ඇතුළු කළ හැකි සංඛ්‍යාවෙන් 20% කට පමණක් තරග නැරඹීමේ අවස්ථාව හිමිවන බව හෙතෙම කියා සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...