ප්‍රවීන ඉන්දීය විස්තර විචාරක හර්ෂා බෝග්ලේගෙන් චාමිකට පැසසුමක්

Date:

වත්මන් ශ්‍රී ලංකා සීමීත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ පිත්තෙන් පන්දුවෙන් මෙන්ම පන්දු රැකීමෙන් පවා කැපීපෙනෙන දක්ෂතා දක්වමින් සිටින තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස චාමික කරුණාරත්න හදුන්වන්න පුලුවන්.

කාලයක පටන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථාවර ස්ථානයක් බලාපොරොත්තුවෙන් සිටි මේ 25 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩකයා මේ වන විටත් කණ්ඩායමේ ස්ථාවර ක්‍රීඩකයෙකු බවට පත්ව ඇති බවක් දක්නට ලැබෙනවා.

ප්‍රබල ඉන්දිය කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලියේදී අවසන් පන්දුවාර කිහිපය තුළ ප්‍රවේගකාමී ඉනිම් දියත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරගකාරී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට චාමික කරුණාරත්න දැක් වූ දායකත්වය කිසිසේත් අමතක කළ නොහැකියි.

ඊයේ (28) පැවති දෙවන විස්සයි විස්ස තරගයේ දී ද සුපුරුදු දක්ෂතා ප්‍රදර්ශනය කළ චාමික කරුණාරත්න කණ්ඩායමට අවශ්‍යම මොහොතේ සිය පිත්තෙන් වේගවත් ලකුණු 12ක් ලබා ගනිමින් තරගයේ ජය ශ්‍රී ලංකාවට ගෙන ඒමට දායකත්වය දක්වනු ලැබුවා.

මේ තරුණ වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයා මේ වන විටත් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ, ක්‍රීඩා විචාරකයින්ගේ මෙන්ම ක්‍රීඩාවට අවධානය යොමු කරන බොහෝ දෙනෙකුගේ ප්‍රශංසාවට ලක්ව අවසන්.

ඊයේ තරගයෙන් අනතුරුව ප්‍රවීන ඉන්දීය ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන හර්ෂා බෝග්ලේ විසින් ද චාමික කරුණාරත්නගේ දක්ෂතා ඇගයීමට ලක් කර තිබෙනු දක්නට ලැබුණා.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හර්ෂා බෝග්ලේ පවසා තිබුණේ චාමික කරුණාරත්න ක්‍රීඩා කරන අයුරු තමා දකින සෑම අවස්ථාවකම තමා වඩාත් විමතියට පත් වන බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...