ආබාධ නිසා අද තරගයට ශ්‍රී ලංකාවෙන් එක් වෙනසක්

Date:

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිත තෙවන හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද(29) පැවැත්වෙනවා.

තරගය රාත්‍රී 8ට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගය සදහා ද කණ්ඩායම තේරීමේ දී ඉන්දියා තවත් ගැටලු සහගත තත්ත්වයකට මුහුණ දී සිටිනවා.

ඒ, ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක නව්දීප් සයිනි දෙවැනි 20 20 තරගයේ පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක් වීම හේතුවෙන්.

කෘනාල් පාන්ඩ්යාට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් ඔහුගේ සමීප ආශ්‍රිත ක්‍රීඩකයින් 8 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති බැවින් දෙවැනි 20යි 20 තරගය සදහා කණ්ඩායම තේරීමට ඉතිරිව සිටියේ ඉන්දීය ක්‍රීඩකයින් 11 දෙනෙකු පමණයි.

කෙසේ වෙතත්, සයිනි උරහිසක ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට අද තරගය ක්‍රීඩා කළ හැකිදැයි මේ වන විට ගැටලු සහගත තත්ත්වයක් මතුව තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති අතර, ඔහුට අද තරගයට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් ඉන්දීය ප්‍රධාන සංචිතයේ ඉතිරිව සිටින ක්‍රීඩකයින් ගණන 10 දෙනෙකු දක්වා අඩු වනු ඇති.

නමුත්, ඉන්දියාව මෙම සංචාරය සදහා දැල් පන්දු යවන්නන් පස් දෙනෙකු ද රැගෙන ආ බැවින් මේ වන විට එම ක්‍රීඩකයින් ද ප්‍රධාන සංචිතයට ආදේශ කර තිබෙනවා.

ඒ අනුව නව්දීප් සයිනි සිය ආබාධය හේතුවෙන් අද තරගයට ක්‍රීඩා නොකළහොත්, දැල් පන්දු යවන්නන්ගෙන් එක් අයෙකු ද අද තරගයට ක්‍රීඩා කරනු ඇති.

මේ අතර, තෙවැනි 20යි 20 තරගය සදහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදානට ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති බව වාර්තා වනවා.

ඒ, ඔහු ද දෙවන 20යි 20 තරගයේ පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්වීම හේතුවෙන්.

ඒ අනුව ඔහු වෙනුවට ධනංජය ලක්ෂාන් හෝ ඉෂාන් ජයරත්න අද තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...