වනිදු මිලදී ගන්න IPL කණ්ඩායම් 4ක් ඉදිරිපත් වෙයි

Date:

ශ්‍රී ලංකා දග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග සමග ගිවිසුම් ගත වීම සදහා ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලියට ක්‍රීඩා කරන කණ්ඩායම් 4ක් පමණ සූදානමින් පසුවන බව වාර්තා වනවා.

ඒ, මෙවර අතරමගදී කල් දැමීමට සිදු වූ අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරග අරමුණු කර ගනිමින්.

2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පසුගිය මැයි මාසයේ දී අතරමගදී අත්හිටුවීමට සිදු වූයේ තරගාවලියට අදාළ ජෛව ආරක්ෂිත බුබුල තුළින් කොවිඩ් 19 ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන්.

ඒ අනුව තරගාවලියේ ඉතිරි තරග සැප්තැම්බර් 19 වනදා සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ.

දින 27ක් තුළ දී තරග 31ක් පවත්වා අවසන් කිරීමට නියමිතව ඇති අතර, අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ඔක්තෝබර් 15 වනදා ඩුබායි හී දී යි.

තරගාවලියේ ඉතිරි තරග සදහා ක්‍රීඩා නොකරන ක්‍රීඩකයෙකු වෙනුවෙන් වනිදු හසරංග ආදේශ කිරීම සදහා මේ වන විට කණ්ඩායම් 4ක් පමණ සූදානමින් පසුවන බවයි newswire වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත්, අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කිරීමටනම් ඒ සදහා ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරය ද හිමි විය යුතුයි.

මේ වන විට අයි.සී.සී පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව වනිදු හසරංග රැදී සිටින්නේ දෙවන ස්ථානයේ යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...