දෙවැනි 20යි 20 තහවුරුයි; ඉන්දීය සංචිතයට අමතර ක්‍රීඩකයින් 5ක් ඇතුළත් කෙරේ

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද(28) රාත්‍රී 8ට නියමිත පරිදි පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, කෘනාල් පාන්ඩ්යා හැරුණු විට වෙනත් කිසිදු ක්‍රීඩකයෙකුට කොවිඩ් 19 ආසාදනය වී නොමැති බව තහවුරු වීම හේතුවෙන්.

අද දිනයේ දී ද ඉන්දීය ක්‍රීඩකයින් සදහා වෛද්‍ය පරීක්ෂණ සිදු කර තිබූ බව සදහන්.

කෙසේ වෙතත්, කෘනාල් පාන්ඩ්යාගේ සමීප ආශ්‍රිතයින් වූ ක්‍රීඩකයින් 8 දෙනෙකු නිරෝධායනයට ලක් කිරීමට සිදුව ඇති බැවින් ඔවුන්ට අවසන් තරග දෙක සදහා ක්‍රීඩා කිරීමට නොහැකි වනු ඇති.

ඉන්දීය කණ්ඩායම සුපුරුදු පරිදි ශිකර් ධවාන් විසින් මෙහෙයවීමට නියමිතව ඇති අතර, ඉන්දීය සංචිතය සදහා තවත් ක්‍රීඩකයින් 5 දෙනෙකු ද ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා සංචාරය සදහා එක්ව සිටි දැල් පන්දු යවන්නන් වන Ishan Porel, Sandeep Warrier, Arshdeep Singh, Sai Kishore, Simarjeet Singh යන ක්‍රීඩකයින් එලෙස ප්‍රධාන සංචිතයට කැදවා ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...