රෂිඩ් ඛාන් අභිබවා ශ්‍රේණිගත කිරීම්හි ලෝකෙන්ම දෙවැනි තැන වනිදුට

Date:

අයි.සී.සි නවතම පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අද ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නිවේදනය කළා.

ඊට අනුව ශ්‍රී ලංකාවේ වනිදු හසරංග එහි දෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයක්.

ඒ, ඉන්දියාවට එරෙහිව නිමා වූ පළමු 20යි 20 තරගයේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන්.

වනිදු මෙතෙක් තෙවැනි ස්ථානයේ පසු වූ අතර, ඇෆ්ඝනිස්තානයේ රෂීඩ් ඛාන් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටියා.

කෙසේ වෙතත්, රෂීඩ් ඛාන් මේ වන විට තෙවන ස්ථානය දක්වා පසුබැස ඇත්තේ ශ්‍රේණිගත ලකුණු 719කට හිමිකම් කියමින්.

වනිදු හසරංගට ශ්‍රේණිගත ලකුණු 720ක් හිමිව තිබෙනවා.

20යි 20 ශ්‍රේණිගත කිරීම්හි පන්දු යවන්නන් අතර පළමු ස්ථානය දකුණු අප්‍රිකාවේ ටැබ්රයිස් ශම්සි විසින් තවදුරටත් හිමි කර ගෙන සිටිනවා.

ඒ, ශ්‍රේණිගත ලකුණු 792ක් ලබා ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...